ශ‍්‍රීලනිප යෝදයා නැගිටුවන්නයි මේ හදන්නේ….- හිටපු ජනපති…
Maithripala Sirisena
Polonnaruwa
By Thaya
අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ලිපි එවන බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයේ ජනතාව විමසන බවද ඔහු කීය.
අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් යෝධයා නැගිටවී මේ වැඩපිළිවෙළේ දැන් තමන් සිටින බවද ඔහු කියා සිටියේය.
මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.