ප්‍රියමාලිගේ ගෙදර අඳුරු වෙලාම යයි - ලක්ෂ හතර හමාරකට ආසන්නව තැබූ පොල්ල..
By krishani
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇති බව විදුලිබල ආරංචි මාර්ග පැවසූ බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
ඒ මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් ය.
එම අදාල විදුලි බිල්පත්වල මුදල ලක්ෂ හතරහමාරකට ආසන්න මුදලක් බවත් විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ බවත් එම පුවත්පත වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |