සීනි අඩු කර ගන්න කියලා ඔබත් "තෙබු කොළ" කනවද..? එහි ඇති භයානක කම ගැන දැනුවත්වත්වන්න - අනිවාර්යයෙන්ම කියවන්න..

By Sewvandhi Nov 04, 2023 03:54 PM GMT
Report

දියවැඩියා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයපුරාම මිනිසුන් වෙලාගෙන තිබෙන බෝ නොවන රෝගයක්. ඉතින් දියවැඩියාව සුව කර ගැනීමට අපේ ලංකාවේ බොහෝ දෙනා ගොඩ බෙහෙත්වලට තැන දෙනවා.

සමහරු දියවැඩියාව සුව වෙන්න කියලා විවිධාකාර දේවල් ආහාරයට ගන්නවා. ඒ අතරින් තෙබු ගැන තියෙන්නේ ඒ වගේම මතයක්.තෙබු කෑවම ඇත්තටම දියවැඩියාව අඩු වෙනවද? මෙය සම්පූර්ණයෙන් වැරුදි මතයක්.

තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්. බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ යනවා.

අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි. සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකිය. එයින් මොළයට හානි විය හැකිය. රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි.

මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම කිසිසේත් අපට නිර්දේශ කරන්න බෑ. තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ. බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා.

රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය. එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමේදී නිසි වෛද්‍යවරයකුගෙන් පමණක් ලබාගැනීම සුදුසුයි.(උපුටාගැනීමක්)