මෙරට වත්මන් තරුණ පරපුර අද වන විට රාත්‍රි කාලයේ නිදි වරමින් සමාජ මාධ්‍යයේ සහ අන්තර්ජාලයේ සැරි සැරීම විශාල සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙනවා.
ඒ බව ජාතික දියවැඩියා වෛද්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ ය.
මේ හේතුවෙන් ඇතැම් තරුණ තරුණියන් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියේ ය.