කිඹුලා බනිස් ගෙඩියට හිමි වූ ලංසුව.

Sri Lanka Gossip Today
By Hashini Sep 13, 2023 08:35 AM GMT
Hashini

Hashini

Report

කිඹුලා බනිස් ගෙඩියක් රු.34,600ක මුදලකට වෙන්දේසි වූ පුවතක් වාර්තා වෙනවා.

ඒ දඹුල්ල ප්‍රදේශයේ තරුණ සංවිධානයක් පැවැත්වූ සල්පිල වෙන්දෙසියකිනි.

මෙම බනිස් ගෙඩිය මිලදී ගෙන ඇත්තේ ජර්මන් ජාතික පිරිසක් බවයි වාර්තා වෙන්නේ.

ජර්මන් ජාතික පිරිස හා දඹුල්ල ප්‍රදේශවාසීන් අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව ඔවුන් මෙම කිඹුලා බනිස් ගෙඩිය මිලදී ගෙන ඇති බව සඳහන්.

විදේශිකයන් විසින් මෙම බනිස් ගෙඩිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට ලබා දුන් බව ප්‍රදේශවාසින් සඳහන් කරනු ලැබුවා.

මිට පෙරද ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී මෙවැනි වෙන්දේසියකින් කිඹුලා බනිස් ගෙඩියක් රු.22,200ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා. 

ReeCha