බොරැල්ලේ වෙඩිල්ල කුඩු දුමින්දගේ අණක්

Sri Lanka Police Law and Order Gun Shooting Murder Sinhala news
By Mithu Jul 10, 2025 03:44 AM GMT
Mithu

Mithu

Report

බොරැල්ල, සර්පන්ටයින් පාරේ වෙළෙඳසැලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් පසුගියදා (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු විය.යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය විමර්ශනය කළ අතර මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු කීපයක් අනාවරණය වී තිබේ.

ඇසළ පෝයට රට පුරා දන්සල් 8,355ක්

ඇසළ පෝයට රට පුරා දන්සල් 8,355ක්

ඒ අනුව මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු දුමින්ද’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලිසිය සඳහන් කරයි. ප්‍රදේශයේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු චතූ’ නමැත්තා සමග පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත.  

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

වෙඩික්කරු පිස්තෝලය බෑගයකින් පිටතට ගැනීමත් සමගම ඔහුගේ ඉලක්කය බවට පත්ව පත්ව සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පලා යාම හේතුවෙන් එම වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුව නොමැත. වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්වූ පුද්ගලයා පසුව බොරැල්ල පොලිසිය භාරයට ගෙන කරන ලද ප්‍රශ්න කිරිම්වලදී හෙළිව ඇත්තේ ඔහු බොරැල්ලේ ‘කුඩු චතූ’ගේ පාර්ශ්වය සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවයි. පසුගියදා ‘කුඩු දුමින්ද’ගේ පාර්ශ්වයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සැක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දැන් බයවෙන්න දෙයක් නෑ - SMS දැනුම්දීමක් දුරකථනයටම

දැන් බයවෙන්න දෙයක් නෑ - SMS දැනුම්දීමක් දුරකථනයටම

ReeCha