යෝජිත නව විදුලිබල පනත ලබන සතියේ...

Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා දින (20) කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවේදී විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහය පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

යෝජිත නව විදුලිබල පනත ලබන සතියේ... | The Proposed New Electricity Bill Next Week

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව පිළිබඳව මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නීති සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ බවයි.

iPhone වල SMS යැවීමේ ක්‍රමය වෙනස් වෙයි.

iPhone වල SMS යැවීමේ ක්‍රමය වෙනස් වෙයි.

..........................