ලොකු ළුෑණු මිල සීඝ්‍රයෙන් පහළ බසී..නව මිල ගණන් මෙන්න..

India Businessman Vegetables Price Vegetable Price Today
By Aruna May 10, 2024 02:32 AM GMT
Aruna

Aruna

Report

ලොකු ළුෑණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩආනයනකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

ආනයනකරුවෝ පවසන්නේ, ලොකු ළුෑණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවත්, ළුෑණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවයි.

ඉන්දියාවෙන් ළුෑණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ළුෑණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ළුෑණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලබන 29 වනදා ප්‍රබල දේශපාලඥයෙක්ට වෙන්න යන දේ මෙන්න..

ලබන 29 වනදා ප්‍රබල දේශපාලඥයෙක්ට වෙන්න යන දේ මෙන්න..


මේ අතර, ඉන්දියාවෙන් ලොකු ළුෑණු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ළුෑණු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිනවා.

පසුගිය දිනවල චීන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ළුෑණු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු කිලෝ දෙකක්ම අලෙවි කරන්නේ රුපියල් 100 කට වීම විශේෂත්වයක්.