ලතින් අමෙරිකාවේ සිට පොළොන්නරුවේ 25 හැවිරිදි ගොවියාට ආ අමුතු පාර්සලය. - අවසානයේ සිදු වූ දේ මෙන්න. - (VIDEO/PHOTO)
රුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කුරියර් පාර්සලයක් ලෙස ගුවන් තැපෑලෙන් එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුලියක සඟවා ලතින් අමෙරිකාවේ ග්වාතමාලා රාජ්‍යයේ සිට කටුනායක, සීදූවේ කලම්බූ කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත අදාළ පාර්සලය එවා තිබිණි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා ඇති අතර, ඔහු මෙම පාර්සලය රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී ඇසුරුම ගලවා පරීක්ෂා කිරීමෙන් පසුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම "පුලිය" තුළ කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 101ක් බරැති මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.
.............................................
May you Like
