වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතර වෙයි.
Sri Lanka
GMOA Sri Lanka
Hospitals in Sri Lanka
Strike Sri Lanka
By Hashini
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
උතුරු පළාතේ රෝහල්වල අද (03) දිනයේ වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමිනි.
