ව්‍යාපාරිකයාට බසයේදී අමතක වූ මැණික් මල්ලට සිදු වූ දේ.
By Wayomi
රුපියල් ලක්ෂ 25ක වටිනාකමින් යුත් මැණික් ගල් තොගයක් සඟ බස් රථ රියදුරෙකු අවිස්සාවේල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුනා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එරත්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.
මැණික් ව්‍යාපාරිකයෙකු මැණික් ගල් 13ක් සහිත බෑගයක් රැගෙන අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයට බස් රථයකින් පැමිණ ඇති අතර එහිදි ඔහු විසින් එම බෑගය අතපසුවීමකින් බස් රථයේ අසුන මත තබා ඉන් බැස ගොස් තිබෙනවා.
අනතුරුව ඔහු යළි බස් රථයට ගොඩවී බෑගය සොයා බැලීමේ දී මැණික් ගල් අස්ථාන ගත වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.
ඔහු විසින් ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ බස් රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සතුව තිබී එම මැණික් ගල් සොයා ගැනුනා.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.