ටෙස්,එක්දින සහ 20 ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න.

Cricket Sri Lanka Newzeland One-day cricket
By Aruna Jun 14, 2021 02:45 AM GMT
Report

 අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමගයි.

මීට පෙර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැදී සිටි ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිව ඇත්තේ නවසීලන්ත කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේත් පසු වනවා.

පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම් සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join now