ගුරු හා විදුහල්පති සංගම් පාරට බසී - වැටුප් ගැටලු හා උසස්වීම් හි වෙනසක්?

Report

අද (04) දින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති විසින් වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත.

අද දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

ජනාධිපතිවරයා සමඟ අයවැයට පෙර පැවති සාකච්ඡාවේදී ද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බවත් ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාදවීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ගුරු පිරිසක් අසාධාරණයට ලක්ව ඇති බවත්, මොඩියුලර් ඇගයීම් වෙනුවට විභාග ක්‍රමයක් හඳුන්වාදීමෙන් ගැටලු රැසක් මතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, ගුරුවරුන්ට පවතින අධික ලේඛන කටයුතු (කොළ පිරවීම) බරපතළ පීඩාවක් බවත්, විදුහල්පති සේවයේ පවතින ගැටලු සඳහා ද මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.  

මේ දිස්ත්‍රික්ක වලට රතු නිවේදන - සියලු පාසල් වැසීමට තීරණ - විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වෙයි

මේ දිස්ත්‍රික්ක වලට රතු නිවේදන - සියලු පාසල් වැසීමට තීරණ - විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වෙයි