මේ දිස්ත්‍රික්ක වලට රතු නිවේදන - සියලු පාසල් වැසීමට තීරණ - විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ සහ පස්බාගේ කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත.
පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දින වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන ප්‍රකාශ කළේය.
එමෙන්ම, අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධීකාරිය පියවර ගෙන ඇත.