පොලිසිය ලුහුබැඳ ගිය ටිපර් රථයක් ගුරුවරයෙකු යටකර පළායයි(VIDEO)

JAFFNA POLICE ACCIDENT TEACHER TIPPER
By Sewvandhi Apr 23, 2021 05:23 PM GMT
Report

යාපනයේ වඩමාරච්චි දික්කම් ප්‍රදේශයේදී පොලිසිය විසින් ලුහුබැඳ ගිය ටිපර් රථයක් ගුරුවරයෙකු යටකර පළා ගොස් තිබෙනවා. එම සිදුවීම ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුනා.

මෙම සිදුවීම පසුගිය 21 වනදා සවස 4 ට පමණ සිදුවූ අතර ටිපර් රථය පසුපස හඹා යමින් සිටි පොලිස් නිලධාරීන් අනතුර පිළිබඳව සැලකිලිමත් නොවූ බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ. මෙලෙස පොලිස් නියෝග නොතකමින් පළා ගියේ සබරගමුව පළාතේ ලියාපදිංචි කරන ලද LM 5114 අංකය දරණ ටිපර් රථයයි.

ප්‍රදේශයේ පටු අතුරු මාර්ගයක අධික වේගයෙන් ධාවනය කල මෙම ටිපර් රථයේ රියදුරා සහ සහායකයා පොලිස් ලුහුබැදීම් හමුවේ රථය දමා පලා ගොස් තිබෙනවා. අනතුරට පත් ගුරුවරයා ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් පේදුරුතුඩුව රෝහලට රෝහලට ඇතුලත් කල අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවුනා.

මෙම අනතුර සිදුවී මේ වන විට දින දෙකක කාලයක් ගතවුවද මේ දක්වා පොලීසිය අනතුර සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා නැති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.