සුපිරි පන්දුවාර නීතිය ක්‍රියාත්මක කරන්නැයි විශේෂ දැනුම්දීමක්..ඉන්දු-ශ්‍රී ලංකා ඉතිරි තරගඟ දෙකට වෙන දේ මෙන්න..
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරග දෙක සඳහා සුපිරි පන්දුවාර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජගත් ක්‍රිකට් කවුන්සිලය සිය නිලධාරීන්ට දැනුම්දී තිබෙන බව වාර්තා වනවා.
එහි උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් Daily mirror පුවත් අඩවිය මේ බව වාර්තා කර තිබේ.
දෙරට අතර පැවැති පළමු තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ඉනිම ලකුණු 230කට සීමා කිරීමටයි ශ්‍රී ලංකා පන්දු යවන්නන් පසුගිය දා සමත් වුණේ.
එම තරගයේ දී ලකුණු සමවීමත් සමඟ සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක නොකිරීමටයි තරග නිලධාරින් කටයුතු කළේ.
සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ යුත්තේ ICC තරගාවලියක දී පමණක් බවට ඔවුන්ගේ මතය වී තිබූ බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ජගත් ක්‍රිකට් කවුන්සිලය යළිත් අවධාරණය කර තිබෙන්නේ, එය අතපසුවීමක් බවත්, 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී අදාළ නීතිය සංශෝධනය කර ඇති බවයි.
එය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ 16.3.1.1 වගන්තියේ ද දක්වා ඇත.
ඒ අනුව සුවිශේෂි අවස්ථාවක හැර සෙසු අවස්ථාවන්හි දී තරගයක ප්‍රතිඵලයක් ලැබෙනතුරු සුපිරි පන්දුවාරයක් යැවිය වනවා.
