Rebuilding Sri Lanka වැඩසටහනට රු.මි 1,893ක දෙස් විදෙස් ආධාර
මෙරටට බල පෑ 'දිට්වා' සුළි කුණාටුව නිසා සිදු වූ ආපදාවෙන් රට නැවත ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී තිබෙන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සදහන් කර තිබේ .
ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ ආපදා තත්වයන් නිසා හානි වූ ව්‍යාපාර සහ දේපළ සදහා වන්දි ලබා දීම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බවයි.
තව දුරටත් ලේකම්වරයා සඳහන් කළේ සියලුම රක්ෂණ සමාගම් විසින් ආපදා තත්ත්වය තුළ හානියට පත් ජීවිත ,දේපළ, ව්‍යාපාර වෙනුවෙන් ඉක්මනින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තව දුරටත් සදහන් කළේ විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරන බවත් එතෙක් එම වන්දි මුදල්වලින් කොටසක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද රක්ෂණ ආයතන නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි.