''පහුගිය ආණ්ඩු ජන්දෙ විතරයි ඉල්ලීම් ඉෂ්ඨ කළේ නැහැ '' සුන්දරලිංගම්ගෙන් චෝදනා

Report

වතු ජනතාවගේ අධ්‍යාපන / සෞඛ්‍ය / නිවාස හා ඉඩම් අයිතිය ඇතුළු සියලු බලාපොරොත්තු ඉටුකරදීමට වත්මන් රජය කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සඳහන් කර තිබේ.

ජනතාවට බලපා ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය කටයුතු කිරීම හේතුවෙන් ඊට ප්‍රසාදය පළකිරීම සඳහා උත්සවයක් කහවත්ත ඕපාත වතු යායේදී පැවැත් වූ   අතර එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

තව දුරටත්  නියෝජ්‍ය අමාත්‍යවරයා  සදහන් කළේ මෙවන් අදහසක්  

'' අවුරුදු ගාණක ඉස්සර ඉදන් මලෙයිගම් නතාවගේ ලොකු ඉල්ලීමක් තිබ්බා තමන්ගේ දෛනික පඩිය වැඩි කරලා දෙන්න කියලා.පහුගිය ආණ්ඩු ජන්දෙ විතරයි ගත්තේ ඉල්ලීම් ඉෂ්ඨ කළේ නැහැ,නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා කිව්වා අපි බලයට පත් වුණාම අනිවාර්‍යෙන් මලෙයිගම් ජනතාවගේ පඩි වැඩි කරලා දෙනවා කියලා.  මේ ආණ්ඩුව ආවට පස්සේ මලෙයිගම් ජනතාව ඉල්ලීම් කරලා නෑ. ඒ දේවල් ලබාදුන්නා  ''

තවද ඉල්ලීම් ඉටුකර දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ජනතාව ස්තූතිය පළකර සිටියා.

සැමියා එල්ල කරපු පෙට්‍රල් බෝම්බය හින්දා බිරිදට අත්වුණ අවාසනාවන්ත ඉරණම

සැමියා එල්ල කරපු පෙට්‍රල් බෝම්බය හින්දා බිරිදට අත්වුණ අවාසනාවන්ත ඉරණම

ජනතාව පරිස්සමෙන් - කාලගුණෙන් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ජනතාව පරිස්සමෙන් - කාලගුණෙන් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක්