සැමියා එල්ල කරපු පෙට්‍රල් බෝම්බය හින්දා බිරිදට අත්වුණ අවාසනාවන්ත ඉරණම

Report

සැමියා විසින් නිවසට එල්ල කරන ලද පෙට්ට්‍රල් බෝම්බයකින් නිවස ගිනි ගෙන එහි සිටි 40 හැවිරිදි බිරිද බරපතල පිළිස්සුම් තුවාල ලබා නිවස තුලම අද(13) මිය ගොස් තිබෙන බව පරසන්ගස්වැව පොලිසිය සදහන් අර තිබේ.

 මිය ගොස් ඇත්තේ මැදගම ,පරසන්ගස්වැව පදිංචිව සිටි දමයන්ති ඒකනායක(40)නැමති කාන්තාවකි.

අඹු සැමියන් අතර කාලයක සිට හටගත් ආරාවුලක් හේතුවෙන් සැමියා විසින් අද(13)දින නිවසට පෙට්ට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති බව එම පෙට්ට්‍රල් බෝම්බය හේතුවෙන් නිවස ගිනි ගෙන බිරිඳ පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මිය ගොස් ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මේවන විට ප්‍රදේශයෙන් අතුරැදන්ව ඇති බව වාර්තා වී තිබේ.

ඔහු අත්අංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

මොරටුව ප්‍රදේශයේ පාසලක රසායනික අනතුරක් - සිසුවියන් 13 හදිසි ප්‍රතිකාරයට..

මොරටුව ප්‍රදේශයේ පාසලක රසායනික අනතුරක් - සිසුවියන් 13 හදිසි ප්‍රතිකාරයට..

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට වෙන්න යන දේ මෙන්න

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට වෙන්න යන දේ මෙන්න