පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට දැනුම් දීමක් - අද දහවල් 12ට පෙර
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී ක්‍රියා කරන ආකාරය ගැන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් හඬපටයකින් දැනුම්දීමක් කර ඇත .
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙර දැනුම්දී ඇති පරිදි අද (4) සෙනසුරාදා දහවල් 12 වන විට රැකියාව බලාපොරොත්තුවන සෑම දෙනාම ඉල්ලුම් පත් ඉදිරිපත් කළ යුතුය තවදුරටත් ප්‍රමාද වුවහොත් ප්‍රථම පත්වීම ලබාගැනීම ප්‍රමාද වන බව සදහන් වේ.
පලමු පත්වීම දීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රාජ්‍ය සේවා කොමිසමට වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ සියලුම වෛද්‍යවරු අද දහවල් 12ට පෙර තම ඉල්ලුම්පත් යොමු කිරීමට කටයුතු කරන ලෙසයි.