STF නිලධාරීන්ට පහර දීලා ලොකු විප්ලවයක් කරපු 10 දෙනෙක් කොටු

Report

පොලිස් විශේෂ කාර්ය බලකායේ කිළිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගත් දස දෙනා අතර කාන්තාවන් 05 දෙනෙකුද සිටින බව පොලීසිය සදහන් කර තිබේ.

ඒ අනුව මෙම උණුසුම් තත්වය මතුව ඇත්තේ රාමනාදම්පුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වේ.

අද 2න් පස්සේ මේ අයට විශේෂ නිවේදනයක්

අද 2න් පස්සේ මේ අයට විශේෂ නිවේදනයක්

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පොලු මුගුරු රැගෙන එම ආ ප්‍රදේශවාසීන් පිරිසක් පහර දී තිබේ .

ඉන්පසුව සැකකරුවන් මුදා ගෙන පලා ගොස් ඇති බව පොලීසිය විසින් වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ දස දෙනෙකු පොලිස් අත් අඩංගුවට  ගන්නට සමත් ව ඇත.

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට