නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න.

Report

වෙළෙදපොලේ දැනට සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුණ ද සංස්ථා නිෂ්පාදන නාමය යටතේ වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, අලෙවි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දමා නොමැත.

නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න. | Steps To Provide Spice Products At Low Prices

ඒ බව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකර මහත්මිය සඳහන් කළේ ය.

ඇය කියා සිටියේ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් අවම මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න. | Steps To Provide Spice Products At Low Prices

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල පිහිටි කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කළ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ වන විට රටේ ජනතාවට ජීවන වියදම් ඉහළ යාම දැඩිව දැනෙමින් පවතින අවස්ථාවක මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම ඉතා හොඳ බවත් ඒ සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම මණ්ඩලයේ කළමනාකාරිත්වයට සිය ස්තුතිය පළ කළේ ය.

Sponsored By Sarrita Jewellery

නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න. | Steps To Provide Spice Products At Low Prices