ඇමති බංගලා විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කිරීම සඳහා පාලන කමිටුවක්

Report

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රභූ ඇමැති බංගලා විවිධ ජාතික හා ආර්ථික ව්‍යාපෘති සඳහා වඩාත් විධිමත්ව වෙන් කිරීමේ අරමුණින් විශේෂ පාලන කමිටුවක් පත් කිරීමට මුදල් අමාත්‍යාංශය ස්ථීර තීරණයක් ගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය කරන නිල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා මේ වන විටත් විශේෂ පත්‍රිකාවක් යොමු කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

සටන් විරාමය සුණුවිසුණු කරමින් ඉරානය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මූස් සමුද්‍ර සන්ධිය යළි වසයි

සටන් විරාමය සුණුවිසුණු කරමින් ඉරානය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මූස් සමුද්‍ර සන්ධිය යළි වසයි

කොළඹ නගරයේ විශේෂ ආරක්ෂිත හා ඉහළ පහසුකම් සහිත දැවැන්ත ඇමැති බංගලා 25 ක් කිසිදු පොදු හෝ පෞද්ගලික ප්‍රයෝජනයකට නොගෙන තවමත් සම්පූර්ණයෙන්ම වසා දමා තිබීම හේතුවෙන් ඒවා සීඝ්‍රයෙන් ජරාවාස වෙමින් පවතින බව නිල වශයෙන් වාර්තාවේ.

මෙම වටිනා රාජ්‍ය දේපළ තවදුරටත් දිගු කාලයක් මෙලෙස පාලුවට හැර වසා දැමුවහොත් ඒවා විශාල වශයෙන් විනාශ වී පරිහානියට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බව ද රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මේ සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විශේෂ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වටිනා ඇමැති බංගලා ඉදිරියේදී මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතිවලට, නිල නිවාසවලට, විදේශීය තානාපති කාර්යාලවලට සහ අනෙකුත් වැදගත් රාජ්‍ය කාර්යාල සඳහා වඩාත් ඵලදායී ලෙස වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව පාලුවට ගොස් ඇති ඇමති බංගලා 16 ක් රටට ආර්ථිකමය වශයෙන් අතිශය ඵලදායී වන මෙන්ම නව රැකියා විශාල වශයෙන් ජනනය වන විවිධ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ද ඉතිරි ඇමැති බංගලා 9 ක් ජාත්‍යන්තර තානාපති කාර්යාල නිවාස සහ වෙනත් රාජ්‍ය කාර්යාල සඳහා ද ප්‍රතිසංස්කරණය කර වෙන්කිරීමට රජය දැනටමත් අපේක්ෂා කරයි.