වනිඳු ගැන ඉන්දීය නායකයා කියූ දේ...

Virat Kohli Vanidhu Hasaranga baller 'batsman
By Sewvandhi Nov 02, 2021 02:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙනත් දග පන්දු ‍යවන්නන්ට සාපේක්ෂව වනිඳු පන්දු ‍යැවීම තුළ යම් වෙනසක් පවතින බව ඉන්දීය නායක විරාත් කෝලි පවසනවා. විරාත් කෝලී ICC සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ වනිඳු දක්ෂතාවෙන් හෙඹි පන්දු ‍යවන්නෙක් බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතකදී ඔහු විශාල කාර්යභාරයක් කර ඇති බවත් පන්දු යැවීමේදි විවිධ කොණයන් උපයෝගි කර ගන්නා දක්ෂ පන්දු ‍යවන්නෙක් බව කෝලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී වනිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මෙන්ම පිතිකරනයෙන් ද විශාල කාර්ය භාර්යයක් සිදු කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර තිබෙනවා.

පිතිකරකරුවෙකු ලෙස ද පන්දු රැකීමේ හැකියාව අනුව වනිඳු තුන් ඉරියව් දස්කම් පිරි ක්‍රීඩකයෙක් බවයි විරාත් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha