උතුරු මාර්ගයට දුම්රියක්....

srilanka transprost kasun chamara
By Nimal Jul 24, 2021 01:26 PM GMT
Report

උතුරු දුම්රිය මාර්ගයේ දින 72 කට පසුව මේ මස 26 දා කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සිට වව්නියාව දක්වා දිනපතා එක් දුම්රියයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් අළුයම 05.15 ට ගමන් අරඹන දුම්රිය වවුනියාව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරේ. පසුව වව්නියාව දුම්රිය ස්ථානයෙන් එදිනම පස්වරු 05.00 කන්කසන්තුරය දුම්රිය ස්ථානය බලා ධාවනය කිරීමට නියමිතය.