ප්‍රවාහන පහසුකම් අද සිට ....

srilanka dilum amunugama transprost
By Nimal Jul 23, 2021 01:19 PM GMT
Nimal

Nimal

Report

 ඇසළ පුන් පොහොය නිමිතිකොට ගෙන ඓතිහාසික කූරගල රජමහා විහාරය වැද පුදා ගැනීමට එන බැතිමතුන් ගේ ගමන් පහසුව සදහා රත්නපුර හා බලංගොඩ සිට කූරගල දක්වා බස්රථ දෙකක් අද සිට ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් ධවනයට යොදවන ලදි.ප්‍රවාහන පහසුකම් අද සිට .... | Srilanka Transprost

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනයේ පිහිටා ඇති ඓතිහාසික කූරගල පූජා භූමියේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරගනිමින් අති පූජ්‍ය වතුරකුඹුරේ ධර්මරථන (නෙල්ලිගල හාමුදුරුවන් ) විසින් "යලි පිබෙදෙන කූරගල" තේමා පාඨය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන කූරගල පූජා නගරයට වන්දනාමාන කිරීම සදහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙන මෙන් ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල බස්රථ සේවාව ආරම්භ කොට තිබේ.ප්‍රවාහන පහසුකම් අද සිට .... | Srilanka Transprost

කූරගල ඓතිහාසික රජමහා විහාරය වැද පුදා ගැනීමට බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන බැවින් එසේ පැමිණෙන බැතිමතුන්හට මෙම බස්රථ සේවාව යෙදවීම විශාල පහසුවක් වනු නොඅනුමානය. ඒ අනුව අදාල බස්රථ දෙක කූරගල සිට බලංගොඩ දක්වාත්, කූරගල සිට රත්නපුර දක්වාත් ධාවනය කරනු ලැබේ.ප්‍රවාහන පහසුකම් අද සිට .... | Srilanka Transprost

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ගාමිණී ගලේගොඩ , ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරු සහභාගිවුහ

ReeCha