දුම්රිය ප්‍රයෝජනයට ගත හොත් රථවාහන තද බදයට විසදුම් ...

srilanka tranprost sumeda somarathna
By Nimal Jun 17, 2021 03:20 PM GMT
Nimal

Nimal

Report

පවතින වසංගත තත්ත්වය මත රට තුළ සංචරණ සීමා පනවා තිබේ. එය තව කොපමණ දින ගණනකට බල පැවැත්වේදැයි තීරණය වන්නේ රෝගීන් වාර්ථාවීම් හා මරණ වාර්තා වීම් පිළිබඳ සළකා බැලීමෙන් පසුව යැයි අදාල අංශ නිතර පවසයි.

කෙසේ හෝ වේවා සංචරණ සීමා පැනෙව්වද මාර්ග වල අධික රථවාහන තද බදයක් පවතින බවටද මැසිවිල්ලකි. මෙයට හේතු වී ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා රථවාහන ගමන් කිරීමයි. සංචරණ සීමා පැනෙව්වද ගොවියාගේ අස්වනු මිලදී ගැනීම හා ඒවා රට පුරා බෙදාහැරීම නිසි පරිදි සිදු විය යුතුය.ඒ නිසාම මේ එළවලු ,පළතුරු ඇතුලු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණය සදහා වාහන රැසක් පාරට දැමීමට සිදුවී ඇත. සංචරණ සීමා පවතින කාලයේදී මේ සදහා විධිමත් විකල්පයක් ලෙස දුම්රිය යොදාගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.දුම්රිය ප්‍රයෝජනයට ගත හොත් රථවාහන තද බදයට විසදුම් ... | Srilanka Transprost

"අත්‍යාවශය සේවා සදහා රජය ගැසට් කරලා ආයතන වලට සේවකයින් කැඳවා තිබෙනවා. නමුත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ.දැඩි මාර්ග තද බදයක් ප්‍රධාන මාර්ග වල දකින්නට පුලුවන්.එයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ක්‍රියාත්මක වීමයි.ඒ අනුව පොදු ප්‍රවාහන මාධ්‍ය ක්‍රියාත්මක නොවෙන නිසා පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන්නට සිදු වී තිබෙනවා.ඒත් එක්කම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ලොරි විශාල සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ගමන් කරමින් මාර්ග දැඩි තදබදයකට ලක්වී තිබෙනවා.

ආරක්ෂක අංශ අවධානමක් අරගෙන දැඩි උත්සහයක යෙදෙනවා මේ වාහන තෝරා බේරා ගමන් කරවන්නට. හැබැයි මෙයට පහසු ක්‍රම වේද ගණනාවක් තිබෙනවා. අද වෙනකොට රටපුරා විහිදී තිබෙන සියලුම දුම්රිය මාර්ග දුම්රිය ගමණාගමනයෙන් තොර වී තිබෙනවා. ප්‍රීමා දුම්රිය,තෙල් දුම්රිය සහ වැලි ප්‍රවාහනය සදහා දුම්රියක් පමණයි මේ වන විට ධාවනය කරන්නේ. මේ වන විට සිදු කරන්න අවශ්‍ය දේ පිළිබඳ අපි දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස යෝජනා කර තිබෙනවා.

ඒ තමයි ලංකවේ ආර්ථික මධ්‍යස්ථාන 14ක් තිබෙනවා. මේ ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ දුම්රිය ස්ථාන තිබෙනවා. මේ වෙනකොට ගොවීන්ගේ එළවලු හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය සේවා වුණාට අවශ්‍ය පරිදි තමන්ගේ අස්වැන්න විකුණාගන්න ක්‍රමවේද හරියට සැකසිලා නෑ. රජයට හැකියාවක් තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් වරුන් හා දිස්ත්‍රික් ලේකම් වරුන් හරහා මේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අරගෙන රජයේ ප්‍රවාහන මාධ්‍ය වන දුම්රිය ස්ථාන වලට මේවා ප්‍රවාහනය කරලා පැය 7කින් 10 කින් ලංකාව පුරාම බෙදාහරින්න පුලුවන්. රතුලූණු හිඟයක් ලංකාවේ තිබෙනවා. මේවා ප්‍රවාහන ගැටලු නිසා ඇතිවෙන තත්ත්ව වෙන්න පුලුවන්. ඉතින් යාපනයෙන් පටන්ගෙන බෙලිඅත්ත දක්වා පැය 10කින් 12කින් අපිට දුම්රිය හරහා ප්‍රවාහනය කරලා දෙන්න පුලුවන්. මෙවැනි හැකියාවක් තියෙද්දී ඇයි මේකට යොමු වෙන්නේ නැත්තේ. දෙපාර්තමේන්තු ප්‍රධානින් නිද්‍රාශීලි මට්ටමකද ඉන්නේ?දුම්රිය ප්‍රයෝජනයට ගත හොත් රථවාහන තද බදයට විසදුම් ... | Srilanka Transprost

අපි ජනාධිපති වරයාට,අගමැති වරයාට, හා ප්‍රවාහන අමාත්‍ය වරයාට කියන්නේ මේ ගැන අවධානය යොමුකරලා ක්‍රමවේදයක් හදන්න කියලයි.කෘෂි කර්ම අමාත්‍යවරයාගේ පළාතේ අඹේවෙල දුම්රිය ස්ථානය ආශ්‍රිතව විශාල කිරි නිෂ්පාදන ආයතනයක් තිබෙනවා.මේ ආයතනයට ගොවින්ගේ කිරි ගෙනත් කල්තබාගන්න තිබෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දැවිතෙල් ප්‍රවාහනය කරන්නේ දුම්රියෙන්.නමුත් මේ දැවිතෙල් ප්‍රවාහනය කරන්න විශේෂ දුම්රියක් සූදානම් කර තිබුණත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ස්ථාන වලින් ඉවත් කර තිබෙන නිසා ඒවා ප්‍රවාහනය කරගන්න බැරි වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මේ සිදුකර තිබෙන අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා කිරි ගොවීන්ගේ කිරිටික විසිකරන්න සිදුවී තිබෙනවා.එළවලු ගොවීන්ගේ එළවලු විසි කරන්න සිදුවී තිබෙනවා.

මේවාට ඉදිරියේදී කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන සංචරණ සීමා ක්‍රියාත්මක වේලාවේදී වත් අවශ්‍යතාව තේරුම් අරගෙන අඩුම තරමේ භාණ්ඩ ප්‍රවාහනයවත් දුම්රිය හරහා සිදු කරන්න. ඒ හරහා මාර්ග තදබදය අඩු කරලා පහසු මිලට සතොස, සම්පකාර හරහා එළවලු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකියි. මෙයට සියලුම දුම්රිය සේවකයින් යොදවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය සේවකයින් යොදවලා දුම්රිය ස්ථාන ක්‍රියාත්මක කරලා මේ වැඩ සටහන කරගෙන යන්න පුලුවන්. අපි මීට පෙරත් මේ යෝජනාව කළා. නමුත් ක්‍රියාත්මක කලේ නෑ.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරහා මේ දේවල් සිදු කරන්න පුලුවන්. ඒ නිසා රජයේ අවධානය මේ කෙරෙහි යොමුකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා."

ලංකාවේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය 14 වන දඹුල්ල , තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, කුරුඳුවත්ත , වේයන්ගොඩ, වැලිසර, නාරාහේන්පිට, රත්මලාන, මීගොඩ , ඇඹිලිපිටිය, පිළියන්දල , කිලිනොච්චිය , අම්පාර තිබෙන බැවින් විධිමත් ක්‍රමවේදයක් සකසන්නේ නම් මෙම ආර්ථික මධ්‍යස්ථාන ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල, ගොවිජන සේවා ආයතන, වී අලෙවි මණ්ඩල හරහා සෘජුවම ගොවීන්ගේ නිශ්පාදන රජය මැදිහත්ව සාධාරණ මිලකට මිලදී ගැනීම් සිදුකර ලංකාව පුරා බෙදා හැරීම සිදු කළ හැකිය. එසේ ඔවුන් මිලදී ගන්නා එළවළු, පළතුරු, ධාන්‍ය පළමුවෙන් නිසිලෙස ඇසුරුම් කර ආසන්නතම දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහනය කල හැකිය. මෙහිදී නිසි ඇසුරුම් කරනයක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් මෙරට එළවලු හා පළතුරු ලොරිරථ මඟින් ප්‍රවාහනය කිරීමේදී වාර්ෂිකව සැලකිය යුතු ප්‍රමාණයකට හානි වී ඉවත දැමීමට සිදු වන නිසාය.

එසේනම් මෙම වැඩ පිළවෙල ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය ස්ථාන ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ දුම්රිය ස්ථාන පිහිටා තිබේන බැවින් රථ වාහන තදබදය අඩු කර ජනාතවට ආරක්ෂිත හොද ප්‍රවාහන සේවාවක්ද ලබා දිය හැකි බැවින් බලධාරීන් දුම්රිය සේවාව පිළිබදව දැඩි අවධානයක් යොමු කරන ලෙස සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.