දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට අවදානය

By Sithumi Apr 23, 2023 06:19 PM GMT
Sithumi

Sithumi

Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේදවලින් සිදුවන්නේ දැඩි බාධාවක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ හේතුවෙන් ඔහු කියා සිටියේ ආයතනයක් ලෙස ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස කටයුතු කිරීමටටත් දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනයට පවතින සීමාවන් මගහැරවීමට දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බවයි.

ඇල්ල දුම්රිය ස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසු අතර විශේෂයෙන්ම රාජ්‍ය අංශයට ප්‍රාග්ධනය යොදවමින් ආයෝජන සිදු කිරීමට නොහැකි පසුබිමක දේශීය හා විදේශීය ආයෝජන මගින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් රටට විශාල ආදායමක් උපයා දිය හැකි ක්‍රමවේද පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.