ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ....

srilanka towarism presanan ranatunga
By Nimal Jul 29, 2021 06:28 AM GMT
Report

  දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනා ගැණේ . මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ .... | Srilanka Tourism

කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ඇමතිවරයා කියයි.

මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මකයි. බෙන්තොට ගග, කැළණි ගග, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානයි. බේරේ වැව, ආරුගම්බේ,දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව වැනි ප්‍ර දේශවල ජලජ ගුවන් ධාවන පථ මීට පෙර ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා ඇතැයි දඇමතිවරයා කියයි.

ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කර ඇති අතර නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනාගෙන ඇත්තේ ඒ අනුවයි. ඉදිරියේ දි මෙම ප්‍ර දේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව ද ඇමතිවරයා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය යේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිරියේ දී රට තුළ විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන ඇති කිරීමටත්, ආගමික, සංස්කෘතික, ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, කෘෂිකර්ම හා වනාන්තර ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍රයන් තුළ සංචාරක ආකර්ෂණිය ස්ථාන හදුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ.

මේ වනවිටත් දිවයින පුරා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 6000 ක් පමණ හදුනාගෙන ඇති අතර එම සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩපිළිවෙලක් ද සකස් කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.