සංචාරක ලීසිං වාහන රැගෙන ගියොත් දැඩි පියවර ?....

srilanka prasanna ranatunga tourrism
By Nimal May 10, 2021 08:47 AM GMT
Report

සංචාරක වාහන සදහා ආණ්ඩුව මාස 06 කට ලීසිං සහනය දිර්ඝ කර තිබිය දී ලිසිං සමාගමක් මගින් එවැනි වාහනයක් රැගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් පිළිබද ව මීගමුව පොලිසීය පුළුල් විමර්ශනයක් අරඹයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා‌ගේ ඉල්ලිමකට අනුව මේ පිළිබද විමර්ෂණ සිදු කෙරෙන බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා දවල් මීගමුව කොප්පරා හංදියේ දී සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහනයක් ලීසිං සමාගමක් විසින් රැගෙන යාමට උත්සාහ දරා තිබු අතර ඒම වාහනයේ සිටි කුඩා දරුවෙකු බලහත්කාරයෙන් ඉවතට ඇද දැමීමට ද කටයුතු කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු වීඩියෝ දර්ශනයක් පිළිබද අවධානය යොමු කළ ඇමතිවරයා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරාවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ පිළිබද ව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසයි.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වාහන රැගෙන යාමට පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට රජය විසින් ලබා දී ඇති ලීසිං සහනය ලබා නොදෙන මුල්‍ය ආයතන සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි.

ඇතැම් මුල්‍ය ආයතන මෙම ලිසීං සහනය ලබා නොදුන් බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒම පැමිණිලි මහ බැංකුවට යොමු කළ බවත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.