මහ බැංකුවෙන් මුළු ලංකාවටම අසුභ ආරංචියක් - ආර්ථිකයටත් විශාල බලපෑමක්

Report

මෙම 2026 වසරේ පළමු මාස 5 තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු සමස්ත මූල්‍ය ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව කැපී පෙනෙන අන්දමින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් පවසයි.

මහ බැංකුව විසින් අලුතින්ම නිකුත් කරන ලද නිල වාර්තාවකට අනුව 2026 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1360 ක් ලෙස වාර්තා වී තිබේ.

තරුණ තරුණියන්ට සුබ ආරංචියක් - රජයෙන් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩක්

තරුණ තරුණියන්ට සුබ ආරංචියක් - රජයෙන් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩක්

කෙසේ වෙතත් පසුගිය 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ කාලසීමාව තුළ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1543.1 ක් ලෙස සටහන් වී තිබූ අතර ඒ අනුව මෙම වසරේ අදාළ කාලසීමාවේදී සංචාරක ආදායම සියයට 11.9 ක ප්‍රතිශතයකින් පහළ ගොස් ඇත.

එමෙන්ම මෙම වසරේ මැයි මාසයේදී පමණක් මෙරටට ලැබුණු සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7 ක් වන අතර පසුගිය වසරේ මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 164.1 ක් ලෙස ඉහළ අගයක වාර්තා වී තිබුණි.

මේ අතර සංචාරක ආදායම පහළ ගියද 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ කාලය තුළ ලාංකීය විදේශ ශ්‍රමිකයින්ගේ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3909.7 ක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

අධිකරණය වෛද්‍ය නිලධාරියා 15 හැවිරිදි සිසුවාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා

අධිකරණය වෛද්‍ය නිලධාරියා 15 හැවිරිදි සිසුවාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා

පසුගිය වසරේ එම සමාන කාලය තුළ විදේශ ප්‍රේෂණ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3102.2 ක් වූ අතර ඒ අනුව මෙම වසරේ විදේශ ප්‍රේෂණවල සැලකිය යුතු සාධනීය වර්ධනයක් පෙන්නුම් කර ඇත.