කාබනික පොහොර නිෂ්පාදකයින් නගා සිටුවීමට පියවර .....

politics mohanda silwa srrilanka
By Nimal Jun 14, 2021 11:25 AM GMT
Nimal

Nimal

Report

 දිස්ත්‍රික් මට්ටමෙන් කුඩා හා මධ්‍යම පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින්ව නිසි පරිදි නගා සිටුවීමේ වැඩ සටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා පවසයි.කාබනික පොහොර නිෂ්පාදකයින් නගා සිටුවීමට පියවර ..... | Srilanka Political

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා" යන මැයෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.

එම නිසා කාබනික පොහොර නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් නගා සිටුවීම කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන අමාත්‍යංශයේ වගකීම වෙයි.කාබනික පොහොර නිෂ්පාදකයින් නගා සිටුවීමට පියවර ..... | Srilanka Political

මේ සදහා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන දෙවන අදියර සැසිය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාන කාබනික පොහොර නිෂ්පාදකයින් සමගින් අද (14) පැවැත්විණ.

මෙහිදී කාබනික පොහොර නිෂ්පාදකයින් හා ව්‍යාවසායකයින් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කෙරිණ.

කලුතර දිස්ත්‍රික් කමිටු සභාපති අනූප පැස්කුවල් , කලුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහත්වරු සහ මහා පරිමානයෙන් කාබනික පොහොර නිශ්පාදනය කරන ආයතන වල නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.