ශ්‍රි ලංකාව හා ලෝක ආහාර සංවිධානය අතර මිත්‍ර සබදතාව තව දුරටත්....

srilanka politics dines gunawardana
By Nimal May 04, 2021 03:55 AM GMT
Nimal

Nimal

Report

 ලෝක ආහාර සංවිධානයේ ශ්‍රි ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධික්කි මහතා සිය අකෘති පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම ඊයේ(3) විදේශ අමාත්‍යංශයේ දී සිදු විය.

ශ්‍රි ලංකා රජයත් ලෝක ආහාර සංවිධානයත් අතර ඇති දීර්ඝ කාලීන සබදතාවට මේ වසරේ නොවැම්බර් මාසයට වසර 50 ක් සැපිරේ.

ලෝක ආහාර සංවිධනයේ ශ්‍රි ලංකාවේ නියෝජිතයා ලෙස මෙතෙක් සේවය කල බෙන්ඩාර් බර්ටන් මෙනවිය(Brenda Barton) විශිෂ්ඨ සේවයක් කල බවත් එවැනිම සහයෝගිතාවයක් නව නියෝජිතයා ගෙන් ශ්‍රි ලංකාව අපේක්ෂා කරන බවත් අකෘති පත්‍ර බාර ගනිමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය.

මෙහිදි අදහස් ප්‍රකාශ කල ලෝක ආහාර සංවිධානයේ ශ්‍රි ලංකාව නියෝජනය කරන නව නියෝජිත අබුරහීම් මහතා ශ්‍රි ලංකාව හා ලෝක ආහාර සංවිධානය අතර දැනට පවතින කිට්ටු හා මිත්‍ර සබදතාව තව දුරටත් තහවුරු කිරිමට කටයුතු කරන බව සදහන් කෙළේය.