පොලිස් නිළධාරියෙකු හදිසියේම අත්තඩංගුවට ගත් හේතුව..

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

රුපියල් 350,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන ති‌බෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (31) ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 අදාළ පොලිස් සැරයන්වරයා මැදවච්චිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අයෙක් අපයෝජනයක් හා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා එහි පැමිණිලි පාර්ශ්වය සමග සාකච්ඡා කර, චෝදනා එල්ලවී ඇති පුද්ගලයාව නඩුවෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීම හා එම නඩුව සඳහා ඇති වරෙන්තුවට චෝදනා ලත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොරක සිටීමට එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී, කෝනකුඹුක්ගොල්ලෑව, මැදවච්චිය ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණයට චෝදනා ලත් පුද්ගලයාගේ නිවසේදී එම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.