චීන රජයෙන් මෙරටට ඉන්දන පරිත්‍යාගයක්.. එම ඉන්දන පිරිසකට නොමිලේ ලබාදෙයි.. එම පිරිස මෙන්න

By Sithumi Nov 14, 2022 04:58 PM GMT
Sithumi

Sithumi

Report

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ති‍බෙන බව වාර්තා වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් මතයි මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන්නේ එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙළන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බවයි.  

චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන මෙම ඉන්ධන තොගය ගොවි ජනතාවට නොමිලයේම ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, අමාත්‍යවරයා කියා සිටිනවා. දැනට රට පුරා මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම සිදු කෙරෙන අතර, හිඟයකින් තොරව ගොවිතැනට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා‍ කටයුතු යොදා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙම කටයුතු අධීක්ෂණය සඳහා නිලධාරියෙකු පත්කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය සඳහා අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දෙදෙනෙකු පත්කර ඇත.

වගාවට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සම්බන්ධීකරණ කටයුතු සියලුම දිසුත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහාය වන බවද සඳහන්. කිසියම් ප්‍රදේශයක සී සෑම හෝ ඉන්පසුව අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධව ගැටළුවක් පැන නඟින්නේ නම් දිස්ත්‍රික් ලේකම්වරුන් හමු වී ඊට පිළියම් යොදා ගැනීමට හැකි බව සඳහන්