ඇණහිට තිබූ විදුලි සැපයුම ගැන පාරිභෝගිකයින්ට දැනුම්දීමක්
අද (15) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ හදිසි විදුලි බිඳවැටීම් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කළේය.
නවලක්ෂපාන හා පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ඇති වූ හදිසි ඇණහිටීමක් හේතුවෙන් අද (15) පස්වරුවේ නුවරඑළිය, මොනරාගල, බදුල්ල සහ පැරණි ලක්ෂපාන යන උපපොළවල විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
මේ හේතුවෙන් අදාළ උපපොළ මගින් විදුලිය සැපයෙන ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
එමෙන්ම අද (15) පස්වරුවේ හම්බන්තොට සහ ඇඹිලිපිටියට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ ද හදිසි දෝෂයක් හටගෙන තිබිණි.
මේ හේතුවෙන් ඇඹිලිපිටිය, බෙලිඅත්ත, බලංගොඩ, දෙනියාය, ගාල්ල, මාතර සහ අම්බලන්ගොඩ උපපොළවලට සැපයෙන විදුලිය ඇනහිටීමක් සිදුව ඇත.
ඒ සමඟම මෙම උපපොළ මගින් විදුලිය බෙදාහරින ප්‍රදේශවලට විදුලිය ඇණහිටීමක් සිදුව ඇති බව සඳහන් විය.
කෙසේ වෙතත් මේ වනවිට විදුලිය ඇණහිට තිබූ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.