ලබුබූ ගත්තද? පිස්සු වට්ටපු ලබුබු ගැන තිත්ත ඇත්තක් එළියට

Report

පසුගිය වසරේ ලෝකය පුරා වේගයෙන් පැතිර ගිය සහ 2026 දී ජනප්‍රියත්වයේ අඛණ්ඩව වර්ධනය වීමක් අපේක්ෂා කරන, සෙල්ලම් බඩුවක් වන ලබු බූස් හි සැපයුම් දාමයේ සේවක සූරාකෑම පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බව කම්කරු අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වාර්තා කර ඇත.

මෙම සෙල්ලම් බඩුව අලෙවි කරන චීන සෙල්ලම් බඩු සමාගමක් වන පොප් මාර්ට් හි ප්‍රධාන විධායක නිලධාරීයා විසින් 2025 දී යුවාන් බිලියන 20ක ආදායම් ඉලක්ක කිරීම සහ ලබුබූස් 2025 මුල් භාගයේදී පමණක්, යුවාන් බිලියන 4.8 විකුණුම් වාර්තා වීම අදාල චෝදනාවට ප්‍රබල සාක්ෂියක් වී ඇත.

පොප් මාර්ට් සැපයම්කරුවන් හිස් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට කම්කරුවන්ට බල කිරීම, චීන නීතියෙන් අවශ්‍ය තරුණ සේවකයින් සඳහා විශේෂ ආරක්ෂාවක් නොමැතිව අවුරුදු 16 සහ 17 වයස්වල අය සේවයේ යොදවා ගැනීම, ප්‍රමාණවත් සෞඛ්‍ය සහ ආරක්ෂක පුහුණුවක් නොමැතිකම සහ අනෙකුත් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හඳුනාගෙන ඇති බව නිව් යෝර්ක් පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන චයිනා ලේබර් වොච් විසින් කරන ලද විමර්ශනයකට අනුව හෙළි වී තිබේ.