අරමුණ ඉටු වුණාද? - විමල් සත්‍යාග්‍රහය අවසන් කළේ ඇයි? මෙන්න හේතුව

Report

දරුවන්ගේ බඩියන් කරවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලගන්නා ලෙසත්, අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කරමින් ඊයේ (14) පැවැත්වූ සත්‍යග්‍රහයේදී ඔහු යොදාගත් සටන් පාඨ දෙක ඔස්සේ තම උපවාසය සිදු කළ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළේ, සත්‍යග්‍රහය අවසන් කළත් “අධ්‍යාපන අමාත්‍යවරිය ඉල්ලා අස් වෙනු” යන සටන් පාඨය තවමත් සාක්ෂාත් කරගෙන නොමැති බවයි.

ලංකාවේ ආර්ථිකයට නැවතත් රතු එළිය - රවීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවේ ආර්ථිකයට නැවතත් රතු එළිය - රවීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

එහිදී විමල් වීරවංශ මහතා මෙසේ පැහැදිලි කළේය;

“එයා හිටියයි කියලා දැන් කොරන්න පුළුවන් දෙයක් නෑ. ඒකයි ඇත්ත තත්වේ. ප්‍රතිසංස්කරණ කරේ තියාගෙන යන අධ්‍යාපන ඇමතිනියටයි අපි ඉල්ලා අස්වෙන්න කිව්වේ, අයින් කරන්න කිව්වේ. ප්‍රතිසංස්කරණය කරේ තියාගෙන නැත්නම් ඔහේ හිටියට අපිට ප්‍රශ්නයක් නෑ . අපි කිව්වේ නැහැනේ අගමැතිකමෙන් අයින් කරන්න කියලා. ප්‍රතිසංස්කරණය කියලා ගෙනාපු මේ නල්ලමලේ දරුවන් බඩියන් කරන ව්‍යාපෘතිය අතහැරලා හකුලගෙන තියෙනවා. එතකොට ඒක හකුලගෙන ඉන්න කෙනා අපිට අදාල අදාල නෑ. හරිනිද බරිනිද අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි හකුලගන්නේ නැති අධ්‍යාපන ඇමති අයින් වෙන්න ඕනේ. ඒක තමයි අපේ සටන් පාඨය.”

“ඇයි අධ්‍යාපන ඇමතිකමින් අයින් කරගෙන යන්න කිව්වේ? මෙන්න මේ ප්‍රතිසංස්කරණ කර තියාගෙන යන හින්දා. මේක කාගෙවත් හඬකට ඇහුම්කන් නොදී උද්දච්ච විදිහට, කවුරු මොනා කිව්වත් අපි මේක කරනවා කියාගෙන යන හින්දා. ඒකට එයා ගැළපෙන්නේ නැති හින්දා. දැන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එයාගේ කරේ නොතිබ්බා නම් ඒ දෙවෙනි සටන් පාඨය ගේන්නේ නෑ.ඕන වෙන්නේ නෑ.

අගමැතිනිය වෙනුවෙන් උගතුන් එක පිලකට - දේශපාලනය උණුසුම් වේ

අගමැතිනිය වෙනුවෙන් උගතුන් එක පිලකට - දේශපාලනය උණුසුම් වේ

එහෙම නම් අපිට කියන්න පුලුවන් නේ අගමැතිකමිනුත් අයින් කරන්න කියලා. අපි එහෙම කිව්වේ නෑනේ. අගමැති හැටියට භූමිකාව නෙවෙයි අපි ප්‍රශ්න කලේ අධ්‍යාපන ඇමති හැටියට භූමිකාව. ඒකට ප්‍රධාන හේතුව වුණේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය. මේ ප්‍රතිසංස්කරණට හකුල ගත්තට පස්සේ දැන් ඉතින් එයා ඉන්නවා. මං හිතන්නේ නෑ පරම තාලෙට ඉන්න පුලුවන් කියලා…”   

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි