LPL සදහා ඇතැම් ක්‍රීඩකයන් කලින්ම ලියාපදිංචි වෙයි.. ක්‍රීඩකයන් මෙන්න..
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මේවනවිට ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිවිසුම්ගත වී සිටින අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සඳහා තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, ඩේවිඩ් මිලර් සහ රමනුල්ලා ගුර්බාස් ගිවිසුම් ගතවී ඇති අතර දඹුල්ල අවුරා කණ්ඩායම සමග කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, මැතිව් වේඩ් සහ ලුන්ගි ගිවිසුම් ගතවී තිබෙනවා.
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, බාබර් අසාම් සහ නසීම් ෂා ගිවිසුම්ගතවී තිබෙනවා වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, ෆකාර් සමාන් සහ මුජීබුර් රහමාන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතවෙද්දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටින්නේ දසුන් ශානක, භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන් සහ ටබ්රේස් ශම්සි යන ක්‍රීඩකයින් වනවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු වතාවට ක්‍රීඩක වෙන්දේසියක් හඳුන්වා දීමට බලාපොරොත්තුවන බව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එළඹෙන ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත වනවා තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆැල්කන්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් 5 තරග වදියි.
මීට පෙර තරගාවලි 3 දීම පැවති ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට මෙවර තරගාවලියේදී ප්‍රථමවරට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතඩ ක්‍රීඩක වෙන්දේසිය ජූනි මස 11 වනදා සිදුකිරීමට නියමිතයි