මහන්සි නැතුවම කැලරි කපාගමුද?

By Shehan Feb 20, 2026 04:54 PM GMT
Report

වර්තමානයේ ඉන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා තමන්ගෙ ශරීරයට ඇතුළු වෙච්ච කැලරි ඉක්මනට දහනය කරන්න. එක එක අය එක එක විදියට තමයි මේ කැලරි දහනය කිරීම සිදු කරන්න උත්සහ කරන්නෙ. සමහරු exercise කරනවා, සමහරු ඖෂධ වර්ග ගන්නවා, supplements ගන්නවා.

ගොඩක් අය හැබැයි මේ දේවල් කරන්නෙ එක්තරා විදියක අකමැත්තකින්. මොකද අපේ මිනිස්සුන්ගෙ හිත්වල තියෙනව මතයක් “කැලරි දහනය කරන්න නම් අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා” කියලා

Effort එකක් නැතුව කැලරි දහනය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා අපි කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? අන්න ඒ ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ.

මහන්සි නැතුවම කැලරි කපාගමුද? | Burn Calories Without Tiring

ඔයාගේ ඇඟ හැම වෙලාවෙම කැලරි දහනය කරනවා 

ඔයා විවේක ගන්නකොට පවා, ඔයාගේ ඇඟට ජීවත් වෙන්නයි, හොඳින් ඉන්නයි ශක්තිය ඕනේ. ඔයාගේ ඇඟ හැමදාම කැලරි දහනය කරන ස්වභාවික විදි කිහිපයක් තියෙනවා. ඒ තමයි,  

  • හුස්ම ගැනීම - ඔයා ගන්න හැම හුස්මක්ම ශක්තිය පාවිච්චි කරනවා.
  • හෘදයේ ක්‍රියාකාරිත්වය - ඔයාගේ හදවත රුධිරය පොම්ප කරන්න විවේකයක් නැතුව වැඩ කරනවා.
  • සෛල අලුත්වැඩියාව - පරණ සෛල මැරිලා අලුත් සෛල හැදෙනවා හැම මොහොතකම.
  • ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම - ඇඟ උණුසුම්ව තියාගන්න ඇඟ ශක්තිය දහනය කරනවා.
  • කෑම ජීර්ණය - කෑම කොටස් කරලා පාවිච්චි කරන්නත් ශක්තිය ඕනේ.

ඉතින් ඔයා වාඩි වෙලා හරි, නිදාගෙන හරි ඉන්නවා උනත්, ඔයාගේ ඇඟ ඇතුළේ නිශ්ශබ්දව කැලරි දහනය වීමක් සිදු වෙනවා.

මහන්සි නැතුවම කැලරි කපාගමුද? | Burn Calories Without Tiring

කැලරි දහනය වැඩි කරන්න පුළුවන් සරලම ක්‍රම

Heavy Exercises නැතුව, ඔයාගේ ඇඟට තවත් වැඩි ශක්තියක් දහනය කරන්න පුළුවන් සරල, ස්වභාවික ක්‍රම කිහිපයක් තමයි අපි මේ පල්ලෙහා විස්තර කරලා තියෙන්නෙ.

  1. වැඩිපුර ප්‍රෝටීන් කන්න – ප්‍රෝටීන් මාංශ පේශි හදන්න උදව් කරනවා. ඒ වගේම මේදය හෝ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීන් ජීර්ණය කරන්න වැඩි ශක්තියක් ඕනේ. ඔයාට මාංශ පේශි වැඩි වෙන තරමට, ඔයා විවේක ගන්නකොට පවා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා.
  2. සීතල වතුර බොන්න -සීතල වතුර බිව්වාම ඔයාගේ ඇඟට ඒක සාමාන්‍ය උෂ්ණත්වයට උණුසුම් කරන්න වැඩ කරන්න වෙනවා. මේකෙන් ඔයාට තව පොඩ්ඩක් කැලරි දහනය කරගන්න පුළුවන්.
  3. හොඳට නිදාගන්න -හොඳට නින්ද නොගියාම, ඔයාගේ පරිවෘත්තීය (metabolism) ක්‍රියාවලිය හෙමින් තමයි වෙන්නෙ. ඒ වගේම ඔයාට වැඩිපුර බඩගින්න දැනෙනවා. හරියට නිදාගැනීමෙන් ඔයාගේ ඇඟ ක්‍රියාශීලීව, සමබරව තියාගන්න පුළුවන්.
  4. Soleus Push-ups කරන්න – මේක ඔයාට වාඩි වෙලා ඉන්නකොට කරන්න පුළුවන් සරල කකුල් සම්බන්ධ ව්‍යායාමයක්. ඔයාගේ ඇඟිලි බිම තියලා, විලුඹ හෙමින් උස්සලා පහත් කරන්න. මේකෙන් වාඩි වෙලා ඉන්නකොට පවා පහළ කකුලේ පේශිවලට කැලරි දහනය කරන්න උදව් වෙනවා.
  5. කැෆේන් පොඩ්ඩක් ගන්න – කෝපි හෝ තේ වගේ බීම වලින් ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාවලියට පුංචි බූස්ට් එකක් දෙන්න පුළුවන්. මේකෙන් ඇඟට මේදය ශක්තිය විදිහට පාවිච්චි කරන්න උදව් වෙනවා. හැබැයි ඕනවට වඩා වැඩිපුර බොන්න එපා!
  6. කෑමට සැර ටිකක් එකතු කරන්න – මිරිස් හෝ ගම්මිරිස් වගේ සැර කෑම වලින් ඔයාගේ ඇඟේ උෂ්ණත්වය ටික වෙලාවකට වැඩි කරන්න පුළුවන්. මේකෙන් කැලරි දහනය කරන්න උදව් වෙනවා.
  7. ඇඟ පොඩ්ඩක් move කරන්න – ෆෝන් එකෙන් කතා කරනකොට එහාට මෙහාට ඇවිදින්න, ටීවී බලන අතරේ ඇඟ දිග අරින්න, නැත්නම් හැම විනාඩි 30කටම වරක් හිටගන්න. මේ පුංචි ක්‍රියාකාරකම් වලට NEAT කියලත් කියනවා.
  8. මාංශ පේශි හදන්න – මාංශ පේශි ස්වභාවිකවම මේදයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. සතියකට කීප වතාවක් පොඩි පොඩි energy exercises කරලා මාංශ පේශි ටිකක් හදාගන්න උත්සාහ කරන්න.

මහන්සි නැතුවම කැලරි කපාගමුද? | Burn Calories Without Tiring

ඔයාට කැලරි දහනය කරන්න මහන්සි වෙන්න හෝ පැය ගණන් ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ඇඟ දැනටමත් හැම විනාඩියකම ඒක කරනවා.

ඔයාගේ දෛනික ජීවිතයට මේ පුංචි පුරුදු ටිකක් එකතු කරලා, ඔයාගේ ඇඟ ක්‍රියාශීලීව, නිරෝගීව, සහ ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න පුළුවන්, ඕනවට වඩා මහන්සි නොවී.

සමහර වෙලාවට, නිරෝගීව ඉන්න පහසුම ක්‍රමය තමයි ඔයාගේ ඇඟ දැනටමත් හොඳින් කරන දේ වෙන ස්වභාවිකව කැලරි දහනය කරන එක නිදහසේ කරන්න ඉඩ දෙන එක!