මම දූෂිතයෙක්, හොරෙක්නම්.. පුලුවන් නම් ඔප්පු කරන්න.. ඇමතිගෙන් අජිත් පී පෙරේරාට අභියෝගයක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දූෂිතයෙකු බවත්, මූල්‍ය අපරාධකරුවෙකු බවත්, අධිකරණය ඉදිරියේ වරදකරු වූ පුද්ගලයෙකු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇමතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට සූදානම් වුවත් දේශපාලන බලපෑම් නිසා එය නතර කර ඇති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනා දැන සිටියද ඔහුව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කළ බවත්, ගල් අඟුරු ටෙන්ඩර් වංචාවටද ඔහු සම්බන්ධ බවත්ය.
මන්ත්‍රී අජිත් පී. පෙරේරා සිය කතාව ආරම්භ කළේ මෙලෙසිනි:
“කුමාර ජයකොඩි ඇමතිතුමා… ඔබතුමා බලශක්ති ඇමතිකමට පත්වෙනකොට ඔබ කලින් කළ රැකියාවෙන් ටෙන්ඩර් දූෂණයක් නිසා අයින් කරලා තිබුණා. ඔබට රැකියාව නැති වුණා. නඩු දැම්මා. ඔබ වැරදිකරු වුණා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් තියෙනවා. ඒ පැමිණිල්ල අදටත් තියෙනවා. ඒත් දේශපාලන බලපෑම් නිසා අධිචෝදනා ගොනු කරන්නේ නැහැ. රටේ ආර්ථිකයෙන් තුනෙන් එකකට වැඩි වටිනාකමක් තියෙන ආයතනයකට මෙවැනි පුද්ගලයෙකු පත් කළේ කෙසේද?”
ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?
ඇමති කුමාර ජයකොඩි මහතා එම අවස්ථාවේදී නැගිට සිය ප්‍රතිචාරය දෙමින් කියා සිටියේ, මෙම චෝදනා සියල්ල අමූලික බොරු බවත්, ඔප්පු කළ හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙසත්, තමන් එම රැකියාවෙන් ඉල්ලා අස්වී ආ බවත්ය.
“ගරු කතානායකතුමනි, බොරු සමාජගත කරන පිකාසෝලා තමයි මේ විපක්ෂයේ ඉන්නේ. පුළුවන් නම් ඔප්පු කරන්න. මම ආයතනයෙන් සේවය හැර ගිහින් ආවේ. ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න”
යැයි ඇමතිවරයා අභියෝග කළේය.
ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා
මන්ත්‍රී අජිත් පී. පෙරේරා යළි කතා කරමින් ඇමතිවරයාගේ පෙර රැකියාවේදී සිදුවූ ටෙන්ඩර් දූෂණය, නඩුවේදී වරදකරු වීම, අල්ලස් කොමිසමට තවමත් පැමිණිල්ලක් පවතීම සහ දේශපාලන බලපෑම් නිසා අධිචෝදනා ගොනු නොකිරීම ගැන තවදුරටත් විස්තර කළේය.
අවසානයේදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙවැනි චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයෙකු තවදුරටත් ධූරයේ රැඳී සිටීම ආණ්ඩුවට අපහසුතාවයක් බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.