ජනපති ඉන්දීය සංචාරය නිමකර දිවයිනට

Report

නවදිල්ලි නුවර පැවැති 'AI Impact 2026' ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉන්දීය නායකයන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඉන්දීය සංචාරය නිමකර අද (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා හා ඔහු සමඟ ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-196 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ආපසු පැමිණ තිබේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රවුපදි මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව, තාක්ෂණ හුවමාරුව සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

'AI Impact 2026' සමුළුවේදී ජනාධිපතිවරයා ලබා දුන් කතාවේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, AI තාක්ෂණය භාවිතයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීම සහ තරුණ පරපුරට අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව අවධාරණය කර තිබේ.