රැකියා අවස්ථා 23,000ක් - ගුරු සේවයට විශාල බඳවා ගැනීමක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ, මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති බවත්, එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙම වසර තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී ඇය පැවසුවේ, දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම කිරීමට මෙම බඳවා ගැනීම් මගින් හැකි වනු ඇති බවයි. ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පැවැත්වීම මගින් උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පට්ට පල් අසත්‍ය ප්‍රචාරය කරන්න එපා - කිසිදු අධිකරණයකින් බලශක්ති ඇමති වරදකරු කර නැති බවට වටගල කෑගහයි

පට්ට පල් අසත්‍ය ප්‍රචාරය කරන්න එපා - කිසිදු අධිකරණයකින් බලශක්ති ඇමති වරදකරු කර නැති බවට වටගල කෑගහයි

මේ අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

එම අනුකාරක සභාව විසින් පත් කළ කමිටුව සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කර ඇති අතර, එය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර, ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා

ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා

එසේම රැස්වීමේදී උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින්, පාසල්වල මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය විසින්, භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.

මීට අමතරව, ජාතික හා පළාත් මට්ටමින් අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විවිධ ගැටලු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා දීමද මෙහිදී සිදු විය.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි