කොවිඩ් මර්දනයට රෝහල් ශක්තිමත් කෙරේ.
කොවිඩ් පාලනය හා මර්දනය කිරීමේ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටි රෝහල් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමේ ව්‍යාපෘතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.
එම වැඩපිළිවෙල යටතේ කොවිඩ් පැතිරීමේ අවධානමක් පවතින රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් 08 ක් සදහා රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද දින (13) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
එම වෛද්‍ය උපකරණ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මුලික රෝහල, ඇහැළියගොඩ මුලික රෝහල, කලවාන මුලික රෝහල, කහවත්ත මුලික රෝහල, පොතුපිටිය ප්‍රාදේශීය රෝහල, මාරතැන්න ප්‍රාදේශීය රෝහල, ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල, රක්වාන මුලික රෝහල යන රෝහල් සදහා ලබාදෙන ලදි. මෙම භෞතික සම්පත්වලට අමතරව රෝහල් වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු මානව සම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රුපියල් ලක්ෂ 5000 ක වියදමින් සිදු කරනු ලබන රෝහල් සංවර්ධනය කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද අද දින (13) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
මෙම අවස්ථාවන්ට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගීවුහ.