කොවිඩ් මර්ධනයට Ebony Holding සමාගමේ සහාය ..(photo)

srilanka health sudarsane prenandupulle
By Nimal Jun 23, 2021 12:09 PM GMT
Nimal

Nimal

Report

කොව්ඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සදහා කැපවී සිටින ඉදිරිපෙළ කණ්ඩායම් වෙත අවශ්‍ය වන පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් Ebony Holding සමාගම විසින් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (23) සිදුවිය.කොවිඩ් මර්ධනයට Ebony Holding සමාගමේ සහාය ..(photo) | Srilanka Health

කොව්ඩ් මර්ධන කාර්යයට සුවිශේෂී දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කරන පුද්ගල ආරක්ෂිත ඇදුම්, මුව ආවරණ, රථවාහන හැසිරවීම් සදහා අවශ්‍ය වන සේෂ්ටි කොන්ස් ඇතුළු රුපියල් මිලියන 1.2ක් වටිනා උපකරණ මෙසේ පරිත්‍යාග කළ අතර ආර්ථික වශයෙන් අපහසුතා ඇති පවුල්වල කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ ලබාදීම සදහා අවශ්‍ය කරන බහාලුම් (Corrugated Box) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.කොවිඩ් මර්ධනයට Ebony Holding සමාගමේ සහාය ..(photo) | Srilanka Health

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ කොවිඩ් මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට ශ්‍රී ලංකා පොලීසිය විශාල ශක්තියක් දෙන බවත් ඒ සදහා විශාල කාර්ය මණ්ඩලයක් ඔවුන් සතුව සිටින බැවින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම වැදගත්වන බවයි. ඒ සදහා ඔවුන් වෙත පුද්ගල ආරක්ෂිත ඇදුම්, මුව ආවරණ ලබාදීම අගය කළ යුතු බවත්, එවැනි ඉදිරිපෙළ කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම තුළින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

Ebony Holding සමාගම කොවිඩ් මර්ධනය සදහා සහායදීමට මූලික පියවරක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන ඉදිරියට පවත්වා ගැනීමට කටයුතු කරන බව එම සමාගමේ සාමාන්‍යාධිකාරී සාබීර් හෂීම් මහතා සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.ජේ චන්ද්‍ර කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, Ebony Holding සමාගමේ වෙළද ප්‍රධානී මොහොමඩ් මුස්ෆිර්, එම් එච් මීඩියා ආයතනයේ සභාපති ෆයිසාල් මරිජාන්, ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති දිලීප පීරිස්, දෙහිවල පොලිස් ස්ථානාධිපති දුෂ්මන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.