රෝහලකට HDU ඇඳන් තොගයක් .....

srilanka presanna ranatunga heaalth
By Nimal May 31, 2021 06:57 AM GMT
Nimal

Nimal

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉංජිනේරු සංගමය විසින් සකස් කළ HDU ඇදන් පහළොවක් මිනුවන්ගොඩ රෝහලට පරිත්‍යාග කිරීම ඊයේ (30) සිදු කෙරිණ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවමෙම ඇඳන් සකස් කිරීම සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවයි. ඔවුන් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය අලුත් වැඩියා කිරීමේ කටයුතු වලද මේ දිනවල නිරතව සිටී .

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවේ නියෝජිතයන් එක්ව රෝහල් බලධාරීන්ට ඇදන් බාරදුන් අවස්ථාව එක්වුහ.