මහජන පැමිණිලි සදහා නව දුරකථන අංක පෙළක් ...
සුරාබදු දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් මැදිරිය සදහා මෙතෙක් තොරතුරු ලබාදුන් 1913 අංකය ලබන ජුනි මස 07 වැනි දින දක්වා ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට මහජනතාවට සුරා අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා නව දුරකථන අංක පෙලක් හදුන්වා දීමට පියවර ගෙන ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචරන සීමාවන් බල පැවැත්වෙන හෙයින් අදාල කාලසීමාව තුළ සුරා අපරාධ සදහා 071 702 61 58, 071 634 52 91, 071 310 850 7,075 - 23 27483 , 071 - 81 22 333 යන දුරකථන අංක සදහාත්, දෙමල මාධ්‍යයෙන් තොරුතුරු ලබාදිමේදී 071 - 79 54 729 යන දුරකථන අංකයට ත් තොරතුරු ලබාදීය හැකි වෙයි.
සුරා අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බැවින් කිසිදු බියක් නොමැතිව සුරා අපරාධ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තුමේන්තුවේ අදාල දුරකථන අංකවලට තොරුතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කපිල කුමාරසිිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.