සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සොයා පොලිස් විමර්ශන
සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාල නිලධාරිණියන් දෙදෙනා බාදුරාගොඩ ප්‍රදේශයේ පිරවුම්හලක QR කේත පරීක්ෂා කරමින් සිටියෙදී එම මන්ත්‍රීවරයා පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට අවස්ථා කිහිපයකදී පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ගියද ඔහු එම අවස්ථාවල නිවසේ නොසිටි බව පොලීසිය සඳහන් කළා.
සැකකාර මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක්ව ඇත්තේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙක්