යන්ත්‍රෝපකරණ මුවාවෙන් ගෙන්වු සිගරැට් තොගයක් රේගුවට කොටු ...(PHOTO)

srilanka castam
By Nimal Jun 23, 2021 01:33 PM GMT
Nimal

Nimal

Report

යන්ත්‍රෝපකරණ ගෙන්වන මුවාවෙන් චීනයේ සිට මෙරටට ආනයනය කර තිබු රුපියල් මිලියන 24.8 ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් සැකපිට පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගැනීමට හැකිවු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ,සුදත්ත සිල්වා මහතා පවසයි.යන්ත්‍රෝපකරණ මුවාවෙන් ගෙන්වු සිගරැට් තොගයක් රේගුවට කොටු ...(PHOTO) | Srilanka Castam

මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් තොගයක් අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර තිබීය. නමුත් එහි පෙට්ටියක හැඩයට සකස් කර කුඩා පුටු වශයෙන් රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුණු භාණ්ඩ පිළිබඳ සැක සිතුණ රේගු නිලධාරි මහතා එම කුඩා පුටුවක් ආකාරයේ පෙට්ටියක් කඩා පරීක්ෂා කිරීමේ දී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවන ලද සිගරැට් අඩංගු බව සොයා ගෙන තිබේ.යන්ත්‍රෝපකරණ මුවාවෙන් ගෙන්වු සිගරැට් තොගයක් රේගුවට කොටු ...(PHOTO) | Srilanka Castam

ඒ අනුව සියලුම මළු පරීක්ෂා කිරීමේ දී මළු 60 ක අඩංගු චීනයේ නිෂ්පාදිත සිගරැට් 276,000 සොයන්නා ලදි. එම සිගරැට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.8 කට තක්සේරු කර ඇත. මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රුපියල් මිලියන 20.5 බව ගණන් බලා ඇත.යන්ත්‍රෝපකරණ මුවාවෙන් ගෙන්වු සිගරැට් තොගයක් රේගුවට කොටු ...(PHOTO) | Srilanka Castam

මෙම ආනයන පිටුපස සිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. විමර්ශන අවසානයේ භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය. 

ReeCha