කොටස් වෙලද පොල වාර්ථාගත ලෙස නැවතත් පහතට...

Gagana news Sri lankan news Colombo Stock Exchange
By Subodha Mar 08, 2022 11:16 AM GMT
Subodha

Subodha

Report

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද නැවතත් කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 437 යි දශම 6 කින් එනම්, සියයට 4 කින් පමණ පහත වැටී සටහන් වූයේ 10,523 යි දශම බින්දුවයි 3 ක් ලෙසයි.

ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 120 යි දශම 8 යි 9 කින් පහත වැටී 3593 යි දශම 3 යි 9 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව එම දර්ශකය සියයට 3 යි දශම 2 යි 5 කින් පහත වැටී තිබෙනවා.

කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3 යි දශම 4ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now